රැඩිකල් මනමේ
" අච්චර අර ලව් එකෙන් හිටපු මනමේ කුමාරි මොකද කඩුව කුමාරයට නොදී වැද්දටම දුන්නෙ?" 😕
ඕකට ගොඩක් අය දෙන සරල සාමාන්‍ය පොදු උත්තරේ තමයි " චපලකම"😑
නෑ මං හිතන්නෙ ඒකම නෙමෙයි ඕකට හේතුව.. 😋
හේතුව ඇවිල්ලා කෙල්ලො කැමති සුකුමාල සීනීබෝල සංවර සුවීනීත මැනර්ස් ඩිසිප්ලීන් අතින් ඩිග්රි ගහපු කොල්ලන්ට නෙමෙ . කෙල්ලො කැමති මෙලෝ චාරයක් නැති කිසිම අංග පුලාවක් නැති ඩෝන්ට් කෙයාර් මානසිකත්තෙ ඉහලම තලේක ඉන්න වැද්දොවගෙ කොල්ලන්ට..😌
ඒක මෙන්න මෙහෙමයි.. 😌මිනිස්සු ප්රාග් අයිතිහාසික ගල් යුගේ ඉදන් මේ අද ඉන්න තැනට වෙනකම් ශිශ්ටාචාර වෙවි රෝල් වෙවිආපු ගමනෙ තිබ්බා පොඩි ලල් එකක්.අන්න ඒ පරිවර්තනය වේගන ආපු ගමන තමයි මානව සංහතියටම ආතල් එකක් උනෙ..
ගෑනුන්ටත් ඒක එහෙම්මයි.. 😜
ගෑනියෙක් ගොඩක් කැමති හීලෑ උන වහු පැටියෙක්ට නෙමෙ.. උං හරිම බෝරිං..ඒ වගේ හීලෑ එකෙක් එක්ක කිසිම එන්ටර්ටේනිං එකක් නෑ.
"පෙත්තා බත් කෑවද? බක් කෑවා බක් කෑවා"
හෙටත් ඇහුවොත් ඒකම
" බක් කැවා බක් කෑවා"
දවසක් දෙකක් යද්දි අහන්න ඕනෙත් නෑ ඌ අපිව දැක්ක ගමන්
" බක් කෑවා බක් කෑවා කියනවා"😂
පලවෙනි දවසෙ මේක හෙන ජොලි.. පස්සෙ එන්න එන්න බෝරිං..🤨
හැම කෙල්ලෙක්ටම වගෙ තියෙනවා ෆැන්ටසියක්!! 😌
ඒක තමයි නාහෙට අහන්නෙ නැති කුළුහරකෙක් වගෙ එකෙක් යාළු කරන් ඌට අයන්න ආයන්නෙ ඉදන්ම නාස් ලණුව දාන එක..
ඒ වගෙ මිශන් එහෙකට තමා කෙල්ලො ස්වභාවයෙන්ම කැමති!!😁
ඒක නිකම් හරියට කුලප්පු වෙච්චි අස්සයෙක්ගෙ පිටට ලොකු ගේමක් දීලා නැගලා උගෙ තෝන් ලනුව අල්ලලා ඌව මහ සටනකින්පස්සෙ හීලෑ කරලා ව නලලට තට්ටුවක් දානවා ගෙ මාරම සනීපදායක හැගීමක්.. මානසික තුප්තිය මාර ඉහලයි.. 😄
අන්න ඒකයි ගොඩක් කෙල්ලො මනනන්දනීය කූමාර වරුන්ට පයින් ගහලා " තග් වැද්දන්ටම " කැමති වෙන්නෙ..
කෙල්ලො දන්නවා මේක හරිම ඉන්ටරස්ටිං මිශන් එකක් ය.. මගෙ ඉදිරි ජිවීතෙ ෆුල් මාවලස් වෙන්නයි යන්නෙ ඕං කියලා🤣
" හැඩි දැඩි සිරුරට ආලය සිතුනා
ඔබ හට අසිපත දෙන්නම හිතුනා"
කියලා කිව්වට ඔතන වෙන්නෙ මෙහෙම එකක්..
යාළුවෙච්චි පලවෙනි තප්පරේ ඉදන් හැම කෙල්ලම හිතන්නෙ " යකෝ මගෙ කොල්ලා තමයි පොර ඌට වඩා එකෙක් නෑ" කියලා.. කොටින්ම කතරගම දෙයියො සුපර්මෑන් ඉන්ක්‍රෙඩිබල් හල්ක් අයන් මෑන් පවා මගෙ එකාට පදිරි කියලා.. 😌 මගෙ කොල්ලට මේලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියන කල්පනාව තමයි ඔලුවෙ තියෙන්නෙ.. අන්න ඒ නිසා තමයි පාරක යද්දි කොල්ලෙක්කොළුකමට විසිල් එකක් ගහලා පොඩි ස්ස්ස්ස්ස්ස් එකක් දැම්මත්
දුවගෙන ගිහින් කොල්ලගෙ කණෙ තියන්නෙ
" අයියෙ අරූ මට මහ කැත විදියට විසිල් ගැහැව්වා.. ඒත් අනෙ මගෙ පැටියො ඔයා නම් කලබල වෙන්නෙපා මගෙ වස්තුවෙ " කියලා කටින් කිව්වට
ඇත්තටම කෙල්ලො බලාපොරොත්තු වෙන්නෙ
" තවත් මොනාද යකො බලා ඉන්නෙ ගිහින් අරූගෙ හතර හන්දි කඩලා වරෙන්" කියනඑක තමයි😂
ආන් ඉන් පස්සෙ සුපිරී වීර කොල්ලා ගිහින් අරූට දෙකක් පොතෙ හැටියට ටොක්කලා එන්නෝනා..
මනමේ කේස් එකේදි උනේ මේකයි..
කුමාරිත් අපේ දොන්ත බබක්කලා වගේම හිතුවා " මගෙ එකා තමා යකො ලොවෙත් පොර කියලා"😌
අන්තිමට මනමේ කුමාරයා වැද්දා ඉස්සරහා චොර වෙලා යද්දි කුමාරීට මීටර් උනා තමුන්ගෙ චොයිස් එක අප්සෙට් බව..
කුමාරි ඉගන තිබුනා ආවස්තික පිරිවැය ගැන.. ඒ නිසා හොදම විකල්ප අවස්ථාව තෝරගත්තා..😁
."ඔයා හරි හොද කෙනෙක්..!,you are such a nice guy.. !,ඒත් මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි කියලා අද කාලේකොල්ලො පෝලිමට අහගන්නෙ අන්නේකයි.. 😄
එතනදිත් මනමේ න්‍යාය තමයි!!
ඇත්ත ඌ හොදයි.. ඌ හරි හොද කොල්ලෙක් .වයසින් ටිකක් මුහුකුරා ගියද බොහෝ දෑ කරනුයේ තම දෙමාපියන්ගේද, අනුදැනුමයටතේය..තමං ආදරය කරනවනං ඒකිට පන ඇරලා ආදරෙයි ය..කෙල්ල කියන ඕනෑම දෙයක් ඌ අහනවා. කොටින්ම ඉන්ඩකිවුවොත් ඉන්නවාය,යන්ඩ කිවුවොත් යනවාය.තීරණ ගන්ඩ කලින් කෙල්ලගෙන් අහනවාය,කෙල්ලගේ සුවපහසුව ගැනහිතනවාය.කෙල්ල අකමැති දේ කර සිත රිදවීමට අකමැතිය..නරක වචන කියන්නේ නැතිය,නරක විහිලු ද කරන්නේ නැතිය..
ඉතින් එහෙම එකෙක් දහම් පාසලේ ප්‍රධන සිස්ස නායකයා කරන්න මිස යාළුවෙලා ඉන්න නම් වැඩකට ඇති හෝතම්බ්බුවෙක්නෙමේය කියන්ඩ කෙල්ලො දන්නවාය 😂
කෙල්ලො කැමති
" ඉන්ඩ කිව්වොත් යන, යන්ඩ කිව්වොත් ඉන්න ලෝකෙට ඕන්නැති එපා කරපු එකෙක්ට තමයි .. "
නීතී දාලා හිරකරගන්න බැරි එකෙක්, තමුන්ගෙ අසවල් නීතී සංග්‍රහය කුහුබු පුපක් තරමට ගනන් නොගන්න එකෙක්.. තමුන්වසතපහකට ගනන් ගන් නැති එකෙක් !!
අන්න එහෙම උනොත් තමා ඒ සබ්ජෙක්ට් එක රසවත් වෙන්නෙ..😋
කොටින්ම කෙල්ලන්ගෙ හිතේ වඩාත් කුතුහලය ඇති කරන්නෙ පස්සෙන් එන එකා නෙමෙ.. තමුන්ට උගෙ පස්සෙන් යන්න හිතෙනතරම් අහංකාරකමක් පෙන්නන එකා ය.
ඉතිං අර වගෙ හීලෑ චූටු කුකු කෙනෙක් තමුන්ට ලන් වෙන්න හැදුවොත්" ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි" කියන ටොෆියදීලා මාරු වෙනවා..
ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි කියන වචන වල යටිපෙල අරුත තමයි
" මං හොයන්නෙ උබට වඩා නරක එකෙක්". කියන එකයි මගෙ රත්තරං යහළුවනි 🤣
සිරිමත් මිනිහෙක්ට වඩා ගෑනු නාහෙට අහන්නෙනැති පට්ට පජාත ඩෑල් එකක් එක්ක වුවත් යාලුවීමට කැමතියි ය..ඊට පස්සෙඋංගෙ ආදරේ නැමති නිර්මල මෙවුවාඑක පොවා ඌව හොදමිනිහෙක් කිරීමට උං සිහින දකිනවාමය,,,
නොබොන එකෙක් හොයාගන්නවා වෙනුවට නස්පුක් වෙන්ඩ ගහන එකෙක් හොයාගෙන ,ඌට ලංවෙලා "අනේ මගෙ සුදු අයියෙ/මල්ලි බබා ඔහොම බොන්න එපා රත්තරං... මං ආස නෑ බොනවට " කියන එක උන්ට මාර ආතල් ය..කොන්ඩය රැවුල නීට් එකටකපා ෆැශන් එක උනත් තමන්ට ගැලපෙන්ඩ කරන එකෙක් හොයාගන්නවා වෙනුවට කොන්ඩය රැවුල පෙරෙන්ඩ වවාගත්ත,කොන්ඩෙ පීරන්නෙවත් නැති ජූජක බමුනෙක් හොයාගෙන " අයියෙ/ මල්ලි බබෝ ඔයා රැවුල මෙන්න මේ කට් එකට කපනවට මංආසයි, අපි කොන්ඩෙ මෙහෙම කපමු.." කියා උගෙ කොන්ඩෙ කැපීමේ සිට මයිල් බෑම දක්වා සියල්ලම උංගේ වචනයට කරගැනීමටඋං පට්ට ආසයි ය..😂
ඊටත් පස්සෙ
"එයා එහෙම කලේ මං කියපු හින්දා තමයි"😌
කියලා හිතන එකම කෙල්ලන්ට ආතල් එකකි..
හැබැයි ඒ ආතල් එකත් ටික දවසය..
ඔන්න දැන් සබ්ජෙක්ට් එකක් විදියට තමුන්ට ලැබුන " කුළු හරකා" සුරතල් මී හරකෙකු කිරීමෙ මෙහෙයුම සාර්ථකව අවසන් ය..
ඒකෙ තවත් ඉන්ටරස්ට් එකක් නැත..😕
ඉන් පසු ඒකීලාට කියවෙන්නෙ ,
" පෙම් ලොවදි දුටු ඔබමද මේ
ඔබටද මා ආලේ කලේ"
" දුරින් සිට දුටු ඔබවමද මේ
ලගට ඇවිදින් මා දකින්නෙ"
වගේ ටීකා සීපද තමාය..🤣🤣
උංගෙ අප්‍රතිහත උත්සහයන් මද්‍යයේ කුලුහරකා මී හරකා වුන පසු වැඩේ හුචෑස් වෙනවාය..ඊට පස්සෙ "දැං ඔයා ඉස්සර වගේනෙමේ ,හරිම වෙනස්, මම කැමති ඉස්සර කෙනාට" 😒කියා තවත් කුලුහරකෙක්ට මාන බලනවාය..අන්තිමට මී හරකාට හුප්පෙතමයි ය..
එක project එකක නිමාව එහෙමය.
" මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි" කියා හැට හුටාමාරක් ගෑනුන්ගෙන් අහගන්න මනමේ කුමාරයා වැනි හුරතල් චූටිකුකූලා පසු කලෙක වැද්දන් රාශියක් මානව ශිස්ටාචාරගත කිරිමට කිරි කොරහා නැටු කුමාරියක් කසාඳ බැඳගනිති..
ඉන් පසු ඒ කුමාරයන්ට ඉතුරු ජීවිත කාලයම කිය කිය ඉන්න වෙන්නෙ මේ වගේ සෝන්ග්ස් ය..😌
" පුංචි පුතේ නුබ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා
එදා වගෙ බොලඳ වදන් දැන් කියන්නෙ නෑ
🤣🤣🤣
මනමේ තියරිය ආන්තික උපයෝගීතාවය හීන වන බව පෙන්වන හොඳම නිදසුනක් වන්නෙ අන්න ඒ නිසාය
කුමාරවරු සියක් සංක්යාතයකෙගෙන් කඩුව උදුරාගන්නා මනමේ කුමරියො එවන්සා ප්‍රමාණයක් තරම් වු වැද්දන්ට කඩුව සියදෝතින්ම පිරි නමා අවාසානයේ කවුරුන් හෝ එක වැද්දෙක් අතින් බොටුවම සිඳගනිති..!!
ඉන්ටරස්ටිං project කිහිපයකට පසු ඉරණම ලෙස නියමිත වුනු උදාසීන ජිවිතය වැලඳගනිති !අවසානයෙ කුමාරයාත් වැද්දාත්අතර ස්පේස් එකෙ වර්ගඵලය පසක් කරගනිති!!
මනමේ කුමරියන්ගෙ ඉරණමෙ සමාප්ති සටහන එහමය!!
Comments
Post a Comment